නව විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝබර් 15 න් පසු

passport

නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය ඔක්තෝබර් මස 15 වැනි දා වනවිට මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවත්, ඉන් 50,000ක පළමු තොගය ඔක්තෝබර් 15 වැනි දා වනවිට මෙරටට ලැබෙන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒවා ලැබීමත් සමග දැනට විදෙස් ගමන් බලපත් නිකුත් කිරීමේදී මතුව ඇති අර්බුදයට විසඳුම් ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.