සමිත දුලාන් රිදී පදක්කමක් දිනා ගනියි

samitha-dulan-n

පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු සමත්වී තිබෙනවා.

මීටර 67.03 ක පුද්ගලික හොඳම දුරක් සමඟින්, දුලාන්ට F44 කාණ්ඩයේ ඔහුගේම පෙර පැවති ලෝක වාර්තාව (මීටර් 66.49) බිඳ දැමීමට ද හැකිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.