මර්දනයට එරෙහිව වෛද්‍යවරුන් අද දහවල් විරෝධතාවල

black-protest

බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙක් සියලුම දිස්ත්‍රික්කවල රෝහල් ඉදිරිපිට අද (03) විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව දහවල් 12.‍00 සිට 1.00 දක්වා කෑම පැයේ කාලය තුළ මෙම විරෝධතාවය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳව ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළ කිරීමේ අරමුණින් මෙම විරෝධතා ක්‍රියාත්මක බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ.