පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප හා වාහන පර්මිට් අහෝසි කරනවා – අනුර

anura-kumara-32

දේශපාලකයා පිළිබඳ ජනතාවට ගෞරවයක් හා විශ්වාසයක් ඇති කිරීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වූ වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත්‍රය අහෝසි කරන බවත්, ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ලබාදෙන නිල නිවස ද, විදුලි ගාස්තු හා ජල ගාස්තු ගෙවීම්ද අහෝසි කරන බවයි බණ්ඩාරවෙල පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ඇමතිවරුන් පිටුපස වාහන විශාල ප්‍රමාණයක් ගමන් කිරීම අහෝසි කරන බවත්, තර්ජනයක් ඇත්නම් පමණක් පොලිස් ආරක්ෂාව ලබාදෙන අතර, තර්නයක් නැත්නම් ඇමතිගේ දොර ඇරීම සඳහා පොලිස් නිලධාරීන් ලබා නොදෙන බවද ඔහු සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරුන් බලා ගැනීම නතර කිරීමට කටයුතු කරන බවද, එවිට රට ගැන වුවමනාවක් ඇති අය පමණක් දේශපාලනයට පැමිණෙනු ඇති බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.