ජනාධිපතිවරණයේ ‍තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙට ඇරඹෙයි

Presidential-election

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (04) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

හෙට දිනයට අමතරව අදාළ ස්ථානවල ලබන 6 වන දින ද තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව සැප්තැම්බර් 05 සහ 06 දිනවල පැවැත්වීමට නියමිතයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දදායකයින් 712,319 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.