ජනපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අද සිට ආරම්භ වෙයි

Presidential-election

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අද (03) සිට ආරම්භ වනවා.

ලබන 14 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැර අවසන් කිරීමට පියවර ගන්නා බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේ.

මේ සඳහා තැපැල්කරුවන් 8000 ක් යොදා ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.