විදර්ශන සාහිත්‍ය ත්‍යාග ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත්කරයි

66aefa96c366e

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ සම්මාන උළෙල ඊයේ (01) රාත්‍රියේ බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

මෙහිදී කාණ්ඩ 04ක් යටතේ කෙටි ලැයිස්තුගත වූ අත්පිටපත් අතරින්, හොඳම නවකතාව ලෙස යසස් සමන්ත වීරසිංහ ගේ ‘වැහිපීල්ලක අතරමංව’ ද, හොඳම කෙටිකතා සංග්‍රහය ලෙස අජිත් පැරකුම් ජයසිංහ ගේ ‘සූදුරු අබා’ ද, හොඳම කාව්‍ය සංග්‍රහය ලෙස උපුල් සේනාධිරිගේ ගේ ‘ඉඳුදුන්න නැමුණු තැන’ ද, හොඳම ඉංග්‍රීසි පරිවර්තනය ලෙස ලියනගේ අමරකීර්තිගේ අහම්බකාරක කෘතිය ‘The Maker of Accidents’ ලෙස පර්වර්තනය කළ අශාන්ති ඒකනායකද සම්මාන හිමි කර ගත්තා.