ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කළ එකලස් කරන ලද වාහන කිහිපයක් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස රිට් ආඥාවක්

court-2

ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකු විසින් මිලදීගෙන තිබෙන එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වෙත රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඊට අමතරව එක් එක් පෙත්සම්කරුට රුපියල් 10,000ක නඩු ගාස්තුවක් ගෙවන ලෙසත් අභියාචනාධිකරණය විසින් නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.