යක්කල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මරුට

accident

යක්කල ගම්පහ මාර්ගයේ යක්කල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගම්පහ සිට යක්කල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ ගමන් කළ පදික කාන්තාවකගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර මියගොස් ඇත්තේ අවුරුදු 48ක් වූ යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි සඳහන් වෙන්නේ.