විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ ජය මූර්තිකා ප්‍රදානය අද

66aefa96c366e

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ ජය මූර්තිකා ප්‍රදානය අද (01) කොළඹ දී සිදු කිරීමට නියමිතයි.

තරගය සඳහා ඉදිරිපත් වූ නවකතා අත්පිටපත් 96 ක්, කෙටිකතා සංග්‍රහ අත්පිටපත් 118 ක්, කාව්‍ය සංග්‍රහ අත්පිටපත් 199 ක් හා මුලින් සිංහල බසින් පළවී තිබූ නවකතා, කෙටිකතා හෝ කාව්‍ය සංග්‍රහයක් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ඉදිරිපත් කළ අත්පිටපත් 20 ක් අතුරින්, දීර්ඝ ඇගයුම් ක්‍රියාවලියකින් පසු අවසන් වටය සඳහා තේරී පත් වූ 12 දෙනකු අතුරින් සිව් දෙනෙකු අද දින ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ ජය මූර්තිකාවන් දිනා ගැනීමට නියමිතව තිබෙනවා.

සැප්තැම්බර් 10 වැනිදා මෙම ජයග්‍රාහී නිර්මාණ කෘති මුද්‍රණයෙන් එළි දැක්විමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ හි ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස හෙළකුරු කටයුතු කරනවා.