අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙළ ඇතුළේ මේ රටේ ඒකීයත්වයට බලපාන කිසිම වැඩපිළිවෙළක් නැහැ – නාමල්

namal-rajapaksha-com

තමන් විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙළ තුල රටේ ඒකීයත්වයට බලපාන කිසිම වැඩපිළිවෙළක් නැති බවත්, රටට අහිතකර නීති හෝ පනත් නොමැති බවත් පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

තමන් ප්‍රතිපත්ති හදන්නේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා වූ මාතෘ භූමියේ, මහ පොළවේ පය ගසා සිටින දෙමව්පියන්ගේ දරුවන්ගේ විරැකියා ප්‍රශ්ණයට විසඳුම් ලෙස බවත්, එක් එක් දේශපාලන අරමුණු ඇති අයගේ ප්‍රශ්ණවලට විසඳුම් සෙවීමට නොවන බවත් ඔහු පවසා සිටියා.

තමා ඉදිරිපත් කරන වැඩපිළිවෙළ තුල ඇත්තේ රටේ ග්‍රාමීය ආර්ථිකයේ සිට ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ගොඩනගන ප්‍රතිපත්ති පමණක් බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කරන්නේ.