වන අලි පහර දීමකින් තරුණයෙක් මරුට

death

හම්බන්තොට පොලිස් වසමේ දිමුතුගම ප්‍රදේශයේ ඊයේ (29) දහවල් කාලයේ සිදුවූ වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 27ක් වූ කොග්ගල, හබරාදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වෙන්නේ.

මරණකරු දිමුතුගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටිමින් ගව පාලනයේ යෙදෙමින් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.