ඔබේ දුකේදී ඔබට ඉන්න එකම හිතවතා සජිත් ප්‍රේමදාස පමණයි – සජිත්

Sajith

දිළිඳු ජනතාව ඉන් මුදා ගැනීමට හොඳම වැඩපිළිවෙළ ඇත්තේ තමා සතුව බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවට ඇතමුන් විවේචනය කරන බවත් එසේ පවසන වැඩබැරි කයියනායකලාට කොහොමත් බැරි බවයි අද (30) නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

රට ගොඩගැනීම සඳහා තමන්ට ඉඩ ලබාදෙන ලෙසත් ජනතාවගේ දුකේදී ජනතාවට සිටින එකම හිතවතා සජිත් ප්‍රේමදාස බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.