වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කල පෙත්සම නඩු ගාස්තු යටත්ව නිෂ්ප්‍රභා කෙරේ

court-2

වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නඩු ගාස්තුකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 50000 ක නඩු ගාස්තුකට යටත්ව එම පෙත්සම නිෂ්ප්‍රභ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාල පෙත්සමේ වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසද පෙත්සම මඟින් ඉල්ලා තිබුණා.