මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසුවත් අයිතිය හිමිවන ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය මන්ත්‍රීවරුන්ට ලබාදීමට රජය තීරණය කරයි

shooting

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය ලබාදීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු අයිති කරගැනීමට හැකිවන පරිදි එම ගිනිඅවි ලබාදීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ප්‍රචණ්ඩත්වය පසුගිය කාලය තුළ දිගින් දිගටම වැඩිවී තිබෙන බවත් එම නිසා මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.