කූඨ ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඩයනාට අධිචෝදනා භාරදෙයි

dayana-gamage-new

කූඨ ලේඛනයක් ඉදිරිපත් කර ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකර තිබෙනවා.

ඒ අනුව අද (27) දිනයේදී කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේදී චෝදනා භාරදීම සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉන් අනතුරුව විත්තිකාර ඩයනා ගමගේ මහත්මියගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසද අධිකරණය නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.