INS මුම්බායි යුද නෞකාව තුන්දින සංචාරයක් සඳහා අද මෙරටට පැමිණෙයි

nis-mumbai

ඉන්දීය නාවික හමුදාවට අයත් INS මුම්බායි යුද නෞකාව තුන්දින සංචාරයක් සඳහා අද (26) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

INS මුම්බායි යුද නෞකාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයවනු ලබන ඩෝනියර් සමුද්‍ර මුර සංචාර ගුවන් යානා සඳහා අත්‍යවශ්‍ය අමතර කොටස් රැගෙන එනු ඇති බව මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

දෙරටේ නාවික හමුදා අතර සුහදතාව වර්ධනය කරගැනීම ද, එම සංචාරයේ එක් අරමුණක් බවයි සඳහන් වෙන්නේ.