මැතිවරණ කොමිෂන් සභාවට ජනමාධ්‍ය නිදහස සහ අදහස් දැක්වීමේ නිදහස පාලනය කිරීමේ අවශ්‍යතාවක් නැහැ – සමන් ශ්‍රී රත්නායක

saman-sri-rathnayake-1[1]

මැතිවරණ කොමිෂන් සභාවට ජනමාධ්‍ය නිදහස සහ අදහස් දැක්වීමේ නිදහස පාලනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ලැබී තිබෙන නිදහස පාවිච්චි කළ යුත්තේ අනෙක් පාර්ශවයට බාධාවක් හෝ හානියක් නොවන පරිදි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

සමාජ මාධ්‍ය හරහා සිදුවන මත විමසුම් තහනම් කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්මින් ඔහු සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන්නේ මැතිවරණ පනතට අදාළ නීති රීතී සමඟ පමණක් බවයි.

සමාජ මාධ්‍ය හරහා සිදුවන මත විමසුම් යුරෝපය ඇතුළු අනෙකුත් රටවල්වලද ක්‍රියාත්මක වන නිසා ශ්‍රී ලංකාවේද ඒවා ක්‍රියාත්මක කිරීම තරගයක් බවට පත්ව ඇති බවත්, ඒවා ස්වයං පාලනයක් සහිතව සිදු විය බවයි අද (26) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

සමීක්ෂණ වාර්තා මඟින් යම් පෙළඹවීමේ හැකියාවක් පවතින බවත් ජනතාවගේ කාර්යබහුලත්වයත් සමඟ කෙටියෙන් පවසනදේට ජනතාව වැඩි අවධානයක් යොමු කිරීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කළා.

සමීක්ෂණ වාර්තා මඟින් කුමක් සඳහන් කළද අදාළ වන්නේ සැප්තැම්බර් 21 රටේ ඡන්ද දායකයින් ඡන්දය භාවිතා කිරීමෙන් අනතුරුව ඡන්දය ගනන් කිරීමෙන් පසුව ලැබෙන ප්‍රතිඵලය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.