SL vs ENG 1st Test: තෙවන දිනය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව – 204/6

srilanka-cricket

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය ඊයේ (23) නිමාවට පත් වුණා.

ඒ අනුව තෙවන දිනය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 204 ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 82ක් ඉදිරියෙන් පසුවනවා.

පන්දුවට පහර දීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 65 ක් ලබාගත් අතර, දිනය නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටින කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 56 ක්ද, දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 20 ක්ද ලබා සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 236 ක් ලබාගත් අතර, එංගලන්තය පළමු ඉනිම සඳහා සියළු දෙනා දැවී ලකුණු 358 ක් ලබාගත්තා.