මහ කන්නයේ පොහොර සහනාධාරය ලබාදීමට කැබිනට් අනුමැතිය

pohora

මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වී සහ වෙනත් බෝග වගා කරන ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

2024/25 මහ කන්නයේදී කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන වී සහ අනෙකුත් ක්ෂේත්‍ර බෝග සඳහා ගොවීන් වෙත පොහොර සහනාධාරයක් ලබා දීම මඟින් රටෙහි ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත්, බෝග ඵලදායිතාව ඉහළ නැංවීමටත් හැකියාව පවතින බව නිරීක්ෂණය කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව 2024/25 මහ කන්නය සඳහා රජයේ පොහොර සමාගම වන ස්ටේට් ෆටිලයිසර් කම්පැනි ලිමිටඩ් හා පුද්ගලික අංශය මඟින් පොහොර ආනයනය කර ගොවීන් වෙත තරඟකාරී මිලකට අලෙවි කිරීමටත්, වී වගාව සහ වෙනත් වගාවන් සඳහා වගා කරන ලද උපරිම හෙක්ටයාර දෙකක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් මූල්‍ය සහනාධාරයක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබා දීමටත් කෘෂිකර්ම සහ වැවිලි කර්‌මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66c6d9d763d9d