බාල ඖෂධ නිසා අන්ධභාවයට පත් වූ රෝගීන් පිරිසක් වන්දි නඩු 3 ක් ගොනු කරයි

tablet-medicine

නුවරඑළිය මහ රෝහලේ ඇසේ සුද ඉවත්කිරීම සඳහා සිදු කරන ලද ශල්‍යකර්ම සඳහා යොදාගන්නා ලද බාල ඖෂධ හේතුවෙන්, අන්ධ භාවයට පත් වූ නුවර එළිය, වැලිමඩ ආශ්‍රිත ප්‍රදේශවල රෝගීන් විසින් ඊයේ දිසා අධිකරණයේදී වන්දි නඩු 03ක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව එහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා, ඒ වගේම සෞඛ්‍ය ලේකම්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු 12 දෙනෙකු නම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම රෝගීන්ගෙන් බහුතරයක් බාල බෙහෙත් ද්‍රව්‍ය හේතුවෙන් පූර්ණ කාලීනව අන්ධභාවයට පත්ව ඇති බවයි ඔවුන් සිය පෙත්සම මඟින් පෙන්වා දී තිබෙන්නේ.

පැමිණිලිකරුවන් තිදෙනෙකු වග උත්තරකරුවන්ට එරෙහිව රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා මෙම නඩුව ගොනුකර ඇති බව වැඩිදුරටත් සඳහන්.