පෙර පාසල් සිසුවියන් දෙදෙනෙක් අපයෝජනය කිරීමේ සිදුවීමක් නිසා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උණුසුම් තත්ත්වයක්

india-protest-girls

පෙර පාසල් සිසුවියන් දෙදෙනෙක් ලිංගික අපහරණයට ලක්කිරීමේ සිදුවීමක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බද්ලාපූර් නගරයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

අවුරුදු 3ක් සහ 4ක් වන මේ දැරියන් දෙදෙනා මෙලෙස අපයෝජනයට ලක්කර ඇත්තේ එම පෙර පාසල පවිත්‍ර කිරීමේ නිරත 23 හැවිරිදි කම්කරුවෙක් විසින් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

සිද්ධයෙන් කෝපයට පත්වූ දෙමාපියන් සහ ගම්වාසීන් පාසලට පැමිණ ඊට හානි කර ඇති අතර, පසුව බද්ලාපූර් දුම්රිය ස්ථානය වෙත පැමිණ එහි කටයුතුවලට බාධා කර ඇති බවයි සඳහන් වෙන්නේ.

සිද්ධියේ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.