කෙහෙළිය ඉදිරිපත් කර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට කල් ලබාදෙයි

keheliya-rambukwalla-3[1]

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කරමින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද (21) වගඋත්තරකරුවන්ට කල් ලබාදී තිබෙනවා.

මෙම පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නියෝග කළේ අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කිරීමට තීන්දු කරන බවයි.

එහිදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය සඳහන් කළේ, අදාළ පෙත්සම සඳහා විරෝධතා ගොනු කිරීමට දිනයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව අදාළ විරෝධතා සැප්තැම්බර් මස 12 වනදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.