විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ නවකතා කෙටි ලැයිස්තුව ප්‍රකාශයට පත්කෙ​රේ

66aefa96c366e

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ සඳහා ඉදිරිපත් වූ නවකතා අත්පිටපත් අතුරින් කෙටි ලැයිස්තුගත වන (Shortlist) නිර්මාණ අත්පිටපත් 03 අද ප්‍රකාශයට පත්කෙරුණා.

මෙහි නිර්මාණ ඇගයුම් මණ්ඩල සාමාජිකයන් ලෙස ප්‍රභා මනුරත්න‍, විදර්ශන කන්නන්ගර සහ රංජිත් පෙරේරා කටයුතු කරනවා.

මින් පෙර මෙහි දීර්ඝ ලැයිස්තුගත (Longlist) නිර්මාණ 07 ක් ප්‍රකාශයට පත්කළ අතර ඒ අතුරින් අවසාන වටය සඳහා මෙම නිර්මාණ 03 තෝරා පත්කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024 – ජය මූර්ති ප්‍රදානය’ සැප්තැම්බර් 01 වන දින පැවැත්වීමට නියමිත අතර මෙහි ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස හෙළකුරු කටයුතු කරනවා.