රජයේ විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක අතුරු දීමනාවක්

gov-office

රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ දීමනාව සමඟ මෙම අතුරු දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

අදාළ චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටද යොමු කර ඇති බව වාර්තා වෙනවා.