ඡන්දදායකයන් මුදලට විකිණෙන්න ඉඩ දෙන්න බැහැ – මැතිවරණ කොමසාරිස් ජනරාල්

samansri-rathnayaka

රටේ පාලකයා තෝරාගන්නා ගනුදෙනුව මුදලට විකිණෙන දෙයක් නොවිය යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

පසුගිය වර්ශයේ සම්මත වූ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියට අදාළ කරුණු බලාපොරොත්තු වූ ලෙසම නොමැති වුවත් ලැබුනු දේ තුළින් අදාළ කාර්යය යම් මට්ටමකින් කරගෙන යෑමට මැතිවරණ කොමිසම කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

ඡන්දයක් සඳහා මුදල අවශ්‍ය නමුත්, ඡන්දදායකයන් පාරිභෝගිකයන් වී මුදලට විකිණෙන තත්ත්වයකට පත්වීමට ඉඩ නොතැබිය යුතු බැවින්, මැතිවරණ වියදම් සඳහා යම් සීමාවන් අවශ්‍ය බවයි ඔහු පෙන්වා දුන්නේ.