යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

accident

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් යතුරුපැදිකරුවෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

ඊයේ (15) හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම පනාගොඩ මාර්ගයේ, ජල්තර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

යතුරුපැදි දෙක එකිනෙක ගැටීමෙන් අනතුරුව එක් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දුරකථන රැහැන් කණුවක ද ගැටී ඇති අතර අනතුරෙන් යතුරුපැදි දෙකෙහිම පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව එක් අයෙක් මියගොස් තිබුණා.