නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා 03 ක් ඉදිරිපත් වෙයි

Presidential-election

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා සම්බන්ධයෙන් වන විරෝධතා ඉදිරිපත් කිරීමේ කාලය මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

ඒ අනුව නාමයෝජනා 03 ක් සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.

එම විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව ඒවා ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.