දුම්රිය ස්ථානවලට සූර්යය පැනල සවි කිරීමට කැබිනට් අනුමැතිය

0.11822800_1543828767_solar

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය ස්ථාන හා ගොඩනැඟිලි වල වහලයේ සූර්ය පැනල සවිකර පවත්වා ගෙන යාම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව දුම්රිය ස්ථාන 300කට අධික සංඛ්‍යාවක් පවතින අතර, ඒවායේ වහල මත සූර්ය බලය මඟින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම වඩාත් සුදුසු බව හඳුනාගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ අනුව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66baffd49b287