2024 පැරිස් ඔලිම්පික් උලෙළ අවසන් වෙයි

66b991d45f76e

2024 පැරිස් ඔලිම්පික් උලෙළ අද (12) අවසන් වුණා.

ජූලි 26 වනදා ආරම්භ වූ 2024 පැරිස් ඔලිම්පික් උලෙළ පුරා දින 15කට වැඩි කාලයක් පැවැත් වුණා.

මේ සඳහා ක්‍රීඩා 32කට අදාළව තරඟ 329ක් පැවති අතර ඊට ක්‍රීඩකයින් 10,714 දෙනෙකු සහභාගී වී තිබුණා.

ඔලිම්පික් උළෙල අවසානයේ එක්සත් ජනපදය රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 44 ක් සහ ලෝකඩ පදක්කම් 42ක් සමඟින් පදක්කම් 126ක් ලබා ගනිමින් පළමු ස්ථානය දිනාගත්තා.

දෙවැනි ස්ථානය ලෙස රන් පදක්කම් 40 ක්, රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24 ක් ලෙස පදක්කම් 91ක් චීනය දිනා ගෙන තිබුණා.

ජපානය රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 13 ක් දිනා ගනිමින් පදක්කම් 45 ක් ලෙස තෙවැනි ස්ථානය දිනා ගෙන තිබුණා.

මීළඟ ඔලිම්පික් උළෙල අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.