පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර දෙකක් හිස් වූ බව මැතිවරණ කොමිසමට දැනුම්දෙයි

parliment-new-01 (1)

පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දෙකක් පුරප්පාඩුවී ඇති බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දන්වා තිබෙනවා.

සමගි ජන බලවේගය නියෝජනය කළ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අහෝසි වීම හේතුවෙන් පසුගිය 09 වැනිදා සිට දින නවවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දෙකක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බවට දැනුම්දී ඇති බවයි සඳහන් වෙන්නේ.

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) සහ 64 (5) යන වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.