නාමල්ට අභියෝගය තියෙන්නේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් එක්ක – ප්‍රසන්න රණතුංග

prasanna-ranathunge

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනතාව ආදරය කළද, එම පවුලේ සියලුම දෙනාට ජනතාව ආදරය නොකරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

මේ වන විට තරගය ඇත්තේ රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගය අතර බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂට අභියෝගය ඇත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් සමඟ බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කළා.