ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ICC ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට

srilanka-cricket

ICC මගින් එළිදැක්වූ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගියදා ඉන්දියාව සමග පැවති එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමග ඔවුන් මෙලෙස මෙම ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ තිබෙනවා.