විදර්ශන සාහිත්‍ය ත්‍යාග⁣යේ ඉංග්‍රීසි පරිවර්තන දිගු ලැයිස්තුව ප්‍රකාශයට පත්කෙරේ

66aefa96c366e

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ සඳහා ඉදිරිපත් වූ ඉංග්‍රීසි – පරිවර්තන අත්පිටපත් අතුරින් දීර්ඝ ලැයිස්තුගත වන (Longlist) නිර්මාණ අත්පිටපත් 05 ක් අද ප්‍රකාශයට පත්කෙරුණා.

මෙහි නිර්මාණ ඇගයුම් මණ්ඩල සාමාජිකයන් ලෙස හර්ෂණ රඹුක්වැල්ල‍, අමීනා හුසේන් සහ සසංක පෙරේරා කටයුතු කරනවා.

මෙම දීර්ඝ ලැයිස්තුගත අත්පිටපත් 05 න්, අවසන් වටය සඳහා නිර්දේශ වන අත්පිටපත් 03 කෙටි ලැයිස්තුගත කිරීම (Shortlist) අගෝස්තු දෙවැනි සතියේදී සිදුකිරීමට නියමිතයි.

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024’ ජය මූර්ති ප්‍රදානය සැප්තැම්බර් 01 වන දින පැවැත්වීමට නියමිත අතර මෙහි ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස හෙළකුරු කටයුතු කරනවා.