සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද මැතිවරණ කොමිසමට කැඳවයි

election

සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද (05) මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම හමුව පැවැත්වෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.

මේ අතර, අද පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රාජ්‍ය මාධ්‍යවල ප්‍රධානින් ද කොමිසම හමුවට කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.