බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා ඉල්ලා අස්වෙයි

bangladesh-prime

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා එරට අගනුවර වන ඩකා නුවර නිල නිවසින් ඉවත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඇය බංගලාදේශයෙන් නික්ම ඉන්දියාවේ අගර්තාලා නගරයට පිටව ගොස් ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් එරට විරෝධතා දැඩි ලෙස උත්සන්න වී තිබුනා.