අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරනවා – බංග්ලාදේශ හමුදා ප්‍රධානී

bangladesh2

අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස් වූ බව බංග්ලාදේශ හමුදා ප්‍රධානී ජෙනරාල් Waker-Uz-Zaman මාධ්‍ය අමතමින් මීට සුළු මොහොතකට පෙර සඳහන් කළා.

ඒ අනුව අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා පවත්වන බවයි මාධ්‍ය අමතමින් හමුදා ප්‍රධානියා සඳහන් කළේ.

ඒ හේතුවෙන් විරෝධතා දැක්වීමෙන් වැළකී සාමකා‍මීව කටයුතු කරන ලෙස එරට හමුදා ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළා.