සංස්පර්ශ 2024 සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ දෙවන වටයේ තරග අද

sparsha-tt

“සංස්පර්ශ 2024” සමස්ත ලංකා පාසල් මාධ්‍ය තරගාවලියේ දෙවන වටයේ තරග අද (04) ආරම්භ වුණා.

ඒ අනුව කොළඹ 02 ආරක්ෂක සේවා විද්‍යාලයේදී පෙ.ව. 08.30 සිට තරග ආරම්භ වූ බවයි සඳහන් වන්නේ.

ප්‍රවීණ ජනමාධ්‍යවේදීන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලියේ විනිශ්චය කටයුතු සිදු කෙරෙන අතර, මූලික වටයේ තරගවලින් දෙවන වටය සඳහා සුදුසුකම් ලැබූ තරගකරුවන් 500කට ආසන්න ප්‍රමාණයක් මෙම තරග වටය සමඟින් සම්බන්ධ වනවා.

නිවේදන, හඩකැවීම්, පුවත් සංස්කරණය, ක්‍රීඩා විස්තර විචාරය, කාටූන් චිත්‍ර නිර්මාණකරණය, තාක්ෂණික අංශය, ඡායාරූපකරණය, ග්‍රාෆික නිර්මාණකරණය සහ කෙටි චිත්‍රපට නිර්මාණකරණය යන තරග අංශ ඔස්සේ මෙම තරගාවලිය සංවිධානය වනවා.