මැතිවරණ වේදිකාවල පොරොන්දු දී, ඒවා ඉටු කිරීමට ණය ගැනීම නිසා මෙරට ආර්ථිකය කඩා වැටුණා – ජනපති

ranil-75-meet[1]

මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම මත මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තියවේදීන් සහ ව්‍යවසායකයන් සමඟ ඊයේ (02) යාපනයේ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට දායක වීම මෙරට උගතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන් ඇතුළු සියලුදෙනාගේ වගකීම බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.

යාපනය ඇතුළු උතුරු පළාතේ ජනතාව බොහෝ කලක සිට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන බවත්, නමුත් ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික විභවයක් එම පළාතේ පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියා.