ජාතික ජන බලවේගයට රට ගොඩනැගීම සඳහා තියෙන සැලසුම්වල අංක එක අධ්‍යාපනයයි – අනු​ර

anura-kumara-32

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් වැඩිපුරම අවධානය යොමු කරන්නේ අධ්‍යාපනය සඳහා බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මෑත කාලයේ දියුණු වූ හැම රටකම දියුණුවෙ ප්‍රධානතම කාර්යභාරය ඉටුකර තිබෙන්නේ අධ්‍යාපනයෙන් බවත්, රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ අධ්‍යාපනයට අවශ්‍ය මහා වෙනස්කම් සිදුකිරීමෙන් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සිංගප්පූරුවේ ශ්‍රම බලකායෙන් 41%ක් උපාධිධාරීන්ගෙන්ද 21%ක් වෘත්තියමය ඩිප්ලෝමාධාරීන්ගෙන්ද සමන්විත නමුත්, මෙරට ශ්‍රම බලකායෙන් වෘත්තිමය ශ්‍රමය ඇත්තේ 15%ක් පමණක් බවද, අධ්‍යාපනික වශයෙන් දියුණු මානව සම්පතක් ගොඩනඟා ගැනීමට කෙතරම් කැපවෙනවාද යන්න මත රට ඉදිරියට යාම තීරණය වන බවද ඔහු පෙන්වා දෙනවා.

අධ්‍යාපනය නැවතත් මුල්තැන ලෙස ගෙන ජාතික ජන බලවේගය යටතේ ප්‍රමුඛතම රාජ්‍ය වගකීම ලෙස බාර ගන්නා බවද, ලෝකයේ තිබෙන අලුත් දැනුම ලංකාවට ගෙන ඒම ද රජයේ වගකීමක් ලෙස බාර ගන්නා බවද ඔහු සඳහන් කළා.

රට වැටී තිබෙන තැන ගැන විවිධ විග්‍රහ තිබුණද රට නැවත ගොඩනැගිය හැක්කේ ජාතික ජන බලවේගය අතට බලය හුවමාරු කර ගැනීමෙන් පමණක් බවයි ඊයේ (02) ලංකා ගුරු සංගමයේ ජාතික සමුළුව අමතමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

66ae062d7f437 66ae062d977cc