ජනපතිට හදවත දෙන්න පුළුවන්, හැබැයි හාරත ලකුණ දෙන්න බෑ – මහින්ද දේශප්‍රිය

mahinda-deshapriya--300x161

ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ ලකුණක් ලෙස හදවත ලකුණ යම් අපේක්ෂකයෙකුට ලබා ගත හැකිමුත් හාරත ලකුණ ලබාගත නොහැකි බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

දැනටමත් ඇස, කන, අත වැනි ලකුණු එලෙස ලබාදී ඇති හෙයින් කූටීර හතර සහ රුධිර නාලිකා සහිත ජීවවිද්‍යාත්මක හෘදය වස්තුවේ ලකුණ ලබාදීමේ ගැටළුවක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ නමුත් ස්වාධීන අපේක්ෂකයෙකුට නිශ්චිත ලකුණක් ලබාගත නොහැකි බවද, එම ලකුණම තව කෙනෙකු ඉල්ලා සිටියොත් කුසපත් ඇදීමට සිදුවන බවද ඔහු සඳහන් කළා.

වත්මන් ජනාධිපතිවරයා ස්වාධීනව තරග කිරීම සඳහා හදවත ලකුණ ඉල්ලා ඇති බව වාර්තා වන හෙයින් එම ලකුණ ලබාදිය හැකිදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හිටපු මැතිවරණ කොමසාරිවරයා මේ බව සඳහන් කළා.