මාවනැල්ල මාවාන ප්‍රදේශයේ පෙර පාසලක තිබූ අඩි 50ක් පමණ උස පොල් ගසක ගෙඩියක් හිස මතට වැටීමෙන් බරපතළ තුවාල ලත් සිව් හැවිරිදි ගැහැණු ළමයෙකු මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාරය ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

WhatsApp Image 2024-08-01 at 20.35.21

මාවනැල්ල ප්‍රදීප්
මාවනැල්ල මාවාන ප්‍රදේශයේ පෙර පාසලක තිබූ අඩි 50ක් පමණ උස පොල් ගසක ගෙඩියක් හිස මතට වැටීමෙන් බරපතළ තුවාල ලත් සිව් හැවිරිදි ගැහැණු ළමයෙකු මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාරය ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගිය දරුවා ඊයේ (01) පෙරවරුවේ පෙර පාසල් භූමියේ සිටියදී පොල් ගෙඩිය හිස මතට වැටී තිබෙන බව පොලිසිය පවසයි.
පෙර පාසල් ගුරුවරිය ගේට්ටුව වැසීමට යාමේ දී දැරිය ඇය පසුපස පැමිණ තිබෙන අතර එම අවස්ථාවේ ගේට්ටුව අසළ තිබූ පොල් ගසේ ගෙඩියක් දැරිය හිස මතට වැටී තිබේ.

මෙම පෙර පාසලේ සිසුන් හතළිහක පමණක් අධ්‍යාපනය ලබන බව වාර්තාවේ. එහි ගේට්ටුව අසල ඇති පොල් ගසේ වේළුණු පොල් ගෙඩි තුනක් පමණ තිබී ඇති අතර දැරියගේ හිස මතට වැටී ඇත්තේ ඉන් එකක් බව පොලිසිය පවසයි.

බරපතළ තත්ත්වයෙන් මවනැල්ල රෝහලට ඇතුළත් කළ දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර ඒවා ඇත.
මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේදී දැරිය මේ ගොස් තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.