බස් – ලොරි අනතුරකින් පස්දෙනෙකු රෝහල් ගතකෙ​රේ

accident

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ලිඳුල, පාමස්ටන් ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ වැදී අද (02) සිදු වූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි ලිඳුල පොලීසිය පවසනවා.

නුවරඑළියේ සිට හැටන් දක්වා ගමන්ගත් අන්තර් නගර සුඛෝපභෝගී බස් රථයක් හා ලොරි රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

අනතුරින් බස් රථයේ රියදුරා ඇතුළු එහි ගමන්ගත් මගීන් හතර දෙනෙකු මෙසේ තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.