ජනපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් දක්වා ඉහළට

Sri-Lanka-election-300x200

ජනාධිපතිවරණය ආශ්‍රිතව පැමිණිලි 153 ක් මේ වනවිට ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඉන් බහුතරය මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති බවත්, රාජ්‍ය සම්පත් අවභාවිතය, පත්වීම් ලබාදීම් හා ස්ථාන මාරු කිරීම් වැනි සිද්ධි සම්බන්ධයෙන් වූ පැමිණිලි ඒ අතර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම සියලු පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.