පොලිස්පතිවරයාගේ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ආපසු හැරවිය නොහැකියි – අගමැති

dinesh-gunawardhana-parliment

වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කිරීම සඳහා ජනාධිපතිවරයාට ප්‍රතිපාදනයක් නොමැති බව විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අපේක්ෂා කරන පරිදි වැඩබලන පොලිස්පතිවරයෙක් පත් නොකරනු ඇති බවද, තවමත් පොලිස්පති ධුරය දරන්නේ වැඩ තහනම් කරන ලද දේශබන්දු තෙන්නකෝන් බවද, එම ධූරය හිස්ව නොමැති බවද අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ප්‍රශ්න කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් වන අතර, වෙනත් ආයතනයකට එහි කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැකි බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

වත්මන් පොලිස්පතිවරයාගේ පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට ආපසු හැරවිය නොහැකි බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය ක්‍රියාත්මක විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.

එසේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගයේ කිසිඳු නෛතික පදනමක් දක්වා නොමැති බවද, කිසිඳු නීතිමය පදනමකින් තොරව හුදෙක් නීතිවිරෝධී යැයි ෙපෙනෙන නියෝගයක් පිළිගැනීමට පාර්ලිමේන්තුවට නොහැකි බවද අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.