ජනපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

gazzete-thumb-new

2024 වර්ෂයට අදාළ ජනපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.

ඒ අනුව අද සිට ලබන මස 14 වනදා දක්වා සෙනසුරාදා හා ඉරිදා දින හැර අනෙකුත් දිනවල උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකියි.

ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකු වන අවස්ථාවක වලංගු මුදලින් රුපියල් 50,000 ක මුදලක් තැම්පත් කළ යුතු බවයි සඳහන් වෙන්නේ.

එසේම අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් හෝ නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක වලංගු මුදලින් රුපියල් 75,000 ක් තැම්පත් කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

66a30d58dfc94pdf_page_0