ඔලිම්පික් සඳහා සහභාගී වන ක්‍රීඩකයින් ප්‍රංශය බලා පිටත්වෙයි

tharushi-karunarathne-olimpycs

ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න, දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ඊයේ (24) ප්‍රංශය වෙත පිටත්ව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සඳහා සහභාගී වන මළළ ක්‍රීඩකයින් තිදෙනකු, පිහිනුම් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ එක් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ද, නිලධාරීන් 06 දෙනෙකු ද ප්‍රංශය බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමය සඳහන් කරනවා.