අහිතකර දුම් පිටවන වාහන 93ක් අසාදු ලේඛණගත කෙරේ

heavy-emission

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛණගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා.

මහජනතාවගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව අදාළ වාහන අසාදු ලේඛනගත කර ඇති බවයි එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ සඳහන් කළේ.

යම් වාහනයක් අහිතකර ලෙස දුම් පිටකරමින් මාර්ගයේ ධාවනය වන්නේ නම් 070 3500 525 යන වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් හෝ වීඩියෝවක් යොමුකර විස්තර ලබාදෙන ලෙසයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.