මැතිවරණය සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට ලංසු කැඳවයි

election

මැතිවරණයක් සඳහා අවශ්‍ය වන නොමැකෙන තීන්ත ඇතුළු ලිපි ද්‍රව්‍ය කඩිනමින් මිලදී ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව ලංසු කැඳවා තිබෙනවා.

ඒ අනුව ජාතික තරගකාරී ක්‍රමයට කැඳවා ඇති එම ලංසු එළඹෙන අගෝස්තු 02 වැනි දා විවෘත කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර හමුවක් ලබන හෙට (24) සහ අනිද්දා (25) පැවැත්වෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.