අස්වැසුම දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදායින් අවසන් වෙයි

aswesuma-aswasuma-welfare

අස්වැසුම සුබසාධක වැඩසටහනේ දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම වැඩසටහන සඳහා පළමු අදියරේ දී අයදුම් කිරීම මඟහැරුණු පවුල් වෙනුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ දී යළි අයැදුම්පත් කැඳවීමක් සිදු කළ අතර, එහිදී අයදුම්පත් 454,924ක් පමණ ලැබී තිබෙන බවයි සුබසාධක මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න සඳහන් කළේ.

එම අයදුම්පත් සම්බන්ධ සංගණන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවද ඔහු සඳහන් කළා.

දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබෙන බවත්, එම සෑම අයදුම්පතක්ම සංගණනය වෙනුවෙන් තොරතුරු රැස්කිරීම IWMS මෘදුකාංගය හරහා සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.